මෙවර නම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කාන්තාවකටම දිය යුතුයි – අගමැති

Date:

නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී නම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කාන්තාවකටම භාරදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ වසර දෙකහමාරක පමණ කාලයක් කාන්තා හා ළමා කටයුතු වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නොතිබුණු අතර එම විෂයය භාරදී තිබුණේ ද පිරිමි අමාත්‍යවරුන් වෙතය.

කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් නොමැති පිරිමින්ට මෙම අමාත්‍යාංශය පැවරීම කිසිදු තේරුමක් නොමැති ක්‍රියාවක් බව පෙන්වා දී ඇති අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය තුළ කාන්තා නියෝජනය පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර ඇති බව සඳහන්.

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ගේ හමුවකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ අදහස් පළ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...