බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තිබෙනවා. ඉන්ධන මිලත් තව ටිකක් වැඩිකරන්න වෙයි – ජනපති අනුර

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් ඉදිරියේදී මෙරට ඉන්ධන මිලත් යළි ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් මැදපෙරදිග කලාපයේ යුධ තත්වය ඇතිවෙලා තිබෙනවා. ප්‍රශ්න ගොඩක් පැනනැගිලා තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් මතුවෙලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් 382ක් වෙනවා. ආණ්ඩුව විකුණන හැම තෙල් ලීටරයකම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම්වලටයි. අදත් ඔබලා ෂෙඩ් එකෙන් ගන්න ඩීසල් ලීටරයක් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට. රුපියල් 100ක් දෙනවා ආණ්ඩුවෙන්. ජනතාව බලාගන්න ආණ්ඩුවක්. තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා මෙරට ජනතාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දෙන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. තවත් කුඩා ප්‍රමාණයන්වල ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි. උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා. ගල්අඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ජලාශවල ජලය යම් ප්‍රමාණයක අඩුවෙලා තියෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කිරීමට සිදුවෙලා තියෙනවා. අපි තීරණයක් අරන් තිබෙනවා, විදුලි පාරිභෝගිකයන්ගේ සියයට 96කට කිසිදු මිල වැඩිවීමකින් තොරව සහානාධාරයක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරලා තියෙනවා. ඇයි ? මේක වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක්”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) මහරගමදී පැවති ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...