රනිල්ගේ නිවසින් පොත්, බුදු පිළිමයක් සොරාගත් අයෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට කෝල් කරලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසින් පොත් තොගයක් හා බුදු පිළිමයක් සොරාගත් පුද්ගලයෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පොදු දුරකතන අංකයකට ඇමතුමක් ලබා දී ඇති අදාල පුද්ගලයා පවසා තිබෙන්නේ පොත් තොගය හා බුදු පිළිමය යළි බාරදීමට සූදානම් බවයි.

මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් ලබා දී තිබෙන්නේ එම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි.

පොත් තොගය සහ බුදු පිළිමය ආරක්ෂිතව තිබෙන බවත්, ඒවා ලඟ තබා ගැනීම සිතට බියක් ගෙනදෙන හෙයින් යළි බාරදීමට සූදානම් බවත් දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා සඳහන් කර තිබේ.

ජූලි 09 වැනිදා ඇති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසල විරෝධතාවයක් පැවති අතර විරෝධතාකරුවන් පිරිසක් නිවසට ඇතුළු වී අලාභ හානි සිදුකර නිවසට ගිනිතබා තිබිණි. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පොත් දහස් ගණනකින් සමන්විත පුස්තකාලය විනාශ වී බුදු පිළිම ඇතුළු වටිනා භාණ්ඩ රැසක් අස්ථානගත වී තිබෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...