මැයි 25 වනදා දූෂිත දේශපාලකයකුට එරෙහිව නඩු තීන්දුවක් ප්රකාශයට පත්වීමට නියමිතව ඇති බැවින් එදිනට අත්පොළසන් දීමට සූදානමින් සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින්ට පවසයි.
“මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්රධාන දූෂිත දේශපාලකයින්ට නඩු 15ක් – ප්රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් – මේ මැයි මාසෙ අධිකරණ හමුවේ තියෙනවා. අප්රේල් 30 ඊයෙ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වා මැයි 25. ඊයෙ ඇහුවා නඩුවක්, තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25. එහෙමයි කරන්නෙ. එතකොට මොකද වෙන්නෙ ? ඒගොල්ලො කලබල වෙනවා. ඒගොල්ලො කලබල වෙන්න ඕනෙ. ඇයි ? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි එයා පස්සෙ එන බව දන්නෙ. ඉතින් ඒගොල්ලො කලබල වෙලා ආණ්ඩුව වට්ටනවා කියනවා. එහෙම වට්ටන්න බෑ”
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) මහරගමදී පැවති ජාජබ කොළඹ දිස්ත්රික් මැයි රැලිය අමතමිනි.


