අද ශ්‍රී ලංකාවට පිලිපීනය හමුවෙයි

ආසියානු ශ්‍රේණිගත කිරීම්වලදී තමන්ට වඩා පියවරක් ඉදිරයෙන් සිටින ඉන්දීය කණ්ඩායම පරාජය කර පිලීපීන නේට්බෝල් කණ්ඩායම අද ආසියාතික සූරියන් වන ශ්‍රී ලංකාව හමුවීමට නියමිතයි.ඊයේ ඉන්දියාවට එරෙහිව පිලිපිනය ලකුණු 45 – 41 ලෙස ජය ලබා ගත් අතර පෙරේදා දවසේ ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කළේ ලකුණු 102 – 14 ක් ලෙසය.

ඊයේ දිනයේ පැවති තරග අතරෙන් මෙවර සූරතාවය සඳහා යම් බලපෑමක් ඇති කරනු ඇතැයි සිතිය හැකි හොංකොං කණ්ඩායම තායිලන්තය සමඟ තරග වැඳුණු අතර තායිලන්තය සිටින්නේද ආසියාතික මට්ටමෙන් පස්වන තැනය.එහිදි හොංකොං කණ්ඩායම තායිලන්තය පරාජයට පත් කළේ ලකුණු 56 – 29 ලෙසයි.සිංගප්පූරු කණ්ඩායම මාල දිවයින හමුවේ ලකුණු 96 ක් රැස් කරද්දී මාල දිවයින කණ්ඩායමට ලබා ගන්නට හැකි වූයේ ලකුණු 10 ක් පමණි.නමුත් ආසියාතික මට්ටමෙන් හත්වන තැන සිටින ජපානයට එරෙහිව ලකුණු 103 ක් ලබා ගත් සිංගප්පූරුව ශ්‍රේණිගත කිරීම්වල 10 වන තැන සිටින මාල දිවයින ලකුණු 96 සීමා කිරීම මෙන්ම ජපානය ලබා ගත්තේ ලකුණු 3 ක් වුව මාල දිවයින ලකුණු 10 ක් ලබා ගැනීමත් මාල දිවයින ඇගයිය යුතු තත්ත්වයක්ය.අද දවසේ මාල දිවයින ජපානය හමුවීමට නියමිතය.බෘනායි කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කරන්නට සමත්විය.ලකුණු තත්ත්වය 38 -34 සේ දැක්විණ.අද චීන තායිපේ කණ්ඩායම මැලේසියාව සමඟ තරග කරන්නට සූදානම්ය.

අද ශ්‍රී ලංකාව සහ පිලිපීන තරගයේදි වැදගත්ම දේ විය යුත්තේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් වැඩි පිරිසකට අවස්ථාව දෙමින් ප්‍රධාන තුරුම්පු වැඩි වෙහෙසකට පත් නොකර රැක ගැනීමය.ශ්‍රී ලංකාව මේ තරගයේ ජයග්‍රහණයෙන් පසුව දෙවන වටයේදි හමුවීමට නියමිත මැලේසියාවය.ඔවුන් බෘනායි තරගයට වඩා වැඩි වෙනස්කම් සහිතව ලංකාවට මුහුණ දෙන්නට උපක්‍රම මෙන්ම ක්‍රීඩිකා බල ඇණියේ සුපිරිතම දායකත්වය්න ද සඟවා සිටිනවා විය හැකිය.එම තීරණාත්මක තරඟය පැවත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 6 වන දා ය.7 වන දා ඔවුන්ට සිගප්පූරුවත්,8 වන දා හොංකොං කණ්ඩායමත් හමුවිමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...