(VIDEO )WHO ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමේ මෙරට සෞඛ්‍ය සමාලෝචන වාර්තාව සුව ඇමතිට!

රෂිකා හෙන්නායක මැයි 07 කොළඹ LNW :

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමේ මෙරට සෞඛ්‍ය සමාලෝචන වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වයි.


ප්‍රාථමික සෞඛ්‍ය සේවාව (PHC) ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ අනාගත ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාලෝචනයේ දී වැඩි අවධානයක්මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදූ කළ සමාලෝචනයට අදාළ වාර්තාව ඊයේ (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාශය වෙත ඉදිරිපත් කරන ලදී.


ඒ අනූව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී එම වාර්තාව නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වනූ ලැබීය.


“Transforming Primary Health Care as the Foundation for Healthier Communities in Sri Lanka” එනම් “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම” යනුවෙන් සමාලෝචන වාර්තාව හදුන්වා තිබුණි.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම පසුගිය අප්‍රේල මස 20 සිට 24 දින දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාව නිල සංචාරයක නිරත වෙමින් සමාලෝචන කටයුතු සිදු කරන ලද අතර, මෙම සමාලෝචනය අදියර දෙකක් යටතේ සිදු කෙරිණි.


මෙම සමාලෝචන කටයුතු අතරතුර, විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම විශේෂඥයින් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වන ලදි.


මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, සිවිල් සංවිධාන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ ද සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය, පවතින අභියෝග සහ එය ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.
මෙම වාර්තාවේ ප්‍රධාන අවධානයක් යොමු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන පිළිබඳවයි.


ඊට අදාළව විශේෂඥ කණ්ඩායම සිදු කළ නිරීක්ෂණය කාර්යේ දී ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය සේවා සැපයීමේ සැබෑ තත්ත්වය පිළිබඳව සෘජු අත්දැකීම් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වු අතර ලබාගත් දත්ත සහ නිරීක්ෂණ පදනම් කරගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ තොරතුරු සහ නිර්දේශ ද මෙම වාර්තාව තුළ අන්තර්ගත කර ඇත.


ශ්‍රී ලංකාව විශ්වීය සෞඛ්‍ය ආවරණයක් (Universal Health Coverage) කරා යන ගමනේදී, එහි පදනම වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව (PHC) ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය අනාගත සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ සහ ඊට අවශ්‍ය තාක්ෂණික සහාය මෙමගින් ලැබෙනූ ඇත.


මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. සරත්චන්ද්‍ර කුමාරවංශ, ශ්‍රී ලංකා රජයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය උපදේශකවරයෙකු වන පාලිත අබේකෝන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සෞඛ්‍ය පද්ධති පිළිබඳ කණ්ඩායම් නායිකා (Team Lead – Health Systems, WHO Sri Lanka) Dr Momoe Takeuchi, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සෞඛ්‍ය පද්ධති පිළිබඳ ජාතික වෘත්තීය නිලධාරි (National Professional Officer – Health Systems, WHO Sri Lanka) වෛද්‍ය චතුර විජේසුන්දර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...