සටහන – පුලී
මැයි 08, LNW (කොළඹ): කෲස් නෞකාවක හැන්ටා වෛරසය පැතිරීම වසංගතයක ආරම්භයක් නොවන බව එක්සත් ජාතීන්ගේ සෞඛ්ය ඒජන්සිය පවසා තිබේ.
හැන්ටා වයිරසය “සමීප, සමීප සම්බන්ධතා” හරහා පැතිරෙන බැවින්, කොවිඩ්-19 සමඟ වසර හයකට පෙර පැවති තත්ත්වය මෙය නොවන බව ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) බෝවන රෝග පිළිබඳ වසංගත රෝග විද්යාඥවරියක වන මාරියා වැන් කර්කොව්, ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මෑතකදී ලන්දේසි නෞකාවක් වන MV Hondius වෙතින් ගොඩ බැස්ස දුසිම් ගනනක් පුද්ගලයින් සොයා ගැනීමට සෞඛ්ය බලධාරීන් මේ වනවිට වෙහෙසෙමින් සිටී.
ඉකුත් බ්රහස්පතින්දා ලෝක සෞඛ්ය සංවිධානය පැවසුවේ, හැන්ටා වයිරසය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් අට දෙනෙකුගෙන් පස් දෙනෙකු දැනට තහවුරු වී ඇති බවයි. වෛරසය වැළඳී සිටි 69 හැවිරිදි ලන්දේසි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.
හැන්ටා වයිරසය සාමාන්යයෙන් මීයන්ගෙන් පැතිරෙනමුත් නවතම දත්තයන්ට අනුව මිනිසුන් අතර සම්ප්රේෂණය පළමු වරට ලේඛනගත කරන ලද බව ලෝක සෞඛ්ය සංවිධානය පවසයි.

