රෂිකා හෙන්නායක මැයි 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දුනීසියාවේ හල්මහේරා දූපතේ පිහිටි දුකොනෝ ගිනිකන්ද සක්රීය වීම හේතුවෙන් එහි සංචාරය කළ පුද්ගලයින් විසි දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.
අතුරුදහන් වූවන් අතර සිංගප්පූරු ජාතිකයින් නව දෙනෙකු සිටින අතර, පිරිසක් මියගොස් ඇති බවට ද සැක කෙරේ.

ආරක්ෂක උපදෙස් නොතකා මෙම පිරිස තහනම් කලාපයක ගමන් කර ඇති බවත්, මේ වන විට සහන කණ්ඩායම් ඔවුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් මෙහි සඳහන් වේ.
ගිනිකන්දෙන් නිකුත් වන දුමාරය ප්රදේශවාසීන්ගේ සෞඛ්යයට සහ ප්රවාහන සේවාවන්ට තර්ජනයක් විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

ඉතා දුෂ්කර ප්රදේශයක පිහිටා ඇති මෙම ගිනිකන්ද දශක ගණනාවක සිට සක්රීයව පවතින බැවින් සංචාරකයින්ට එහි යාම සීමා කර තිබුණි.
මෙම සිදුවීම හරහා ස්වභාවික විපත් පවතින කලාපවල සංචාරය කිරීමේදී ඇති වන අවදානම සහ ආරක්ෂක විධිවිධානවල වැදගත්කම මැනවින් පැහැදිලි කෙරේ.



