ඉදිරි යල් කන්නයට ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතිනවා – කෘෂිකර්ම අමාත්‍ය

රෂිකා හෙන්නායක මැයි 09, කොළඹ LNW :

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී වගා කන්නයන් සඳහා අවශ්‍ය පොහොර සැපයීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත.

වත්මන් යල් කන්නයට අවශ්‍ය පොහොර තොග දැනටමත් ගොවි ජන මධ්‍යස්ථාන මගින් ලබා දෙන අතර, පුද්ගලික අංශයේ බෙදාහැරීම් ද යළිත් සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.

ඉදිරි මාස් කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින්, කිසිදු හිඟයකින් තොරව එම කටයුතු සිදු කිරීමට සැලසුම් සකස් කර ඇත.

මීට අමතරව, හුදෙක් පොහොර යෙදීම වෙනුවට පස් පරීක්ෂාව මගින් පසට අවශ්‍ය නිසි පෝෂක හඳුනාගෙන නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ අවම පිරිවැයකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...