අද (මැයි 13) දිනයේදී ශ්රී ලංකා මහබැංකුව නිකුත් කර ඇති දෛනික විනිමය අනුපාතික සටහන අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 327 සීමාව ඉක්මවා ගොස් තිබේ.
අද දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 319.7714 ක් වන අතර විකුණුම් මිල රුපියල් 327.3868 ක් බවයි එම සටහනේ දැක්වෙන්නේ.
මේ සතිය ආරම්භ වෙද්දී ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 325.6481 ක් වශයෙනි.
රුපියල අවප්රමාණය වීම මේ ආකාරයෙන්ම දිගටම සිදුවන්නේ නම් 2026 වසර අවසාන වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 400 මට්ටම කරා ඉහළ යා හැකි යැයි ආර්ථික විශේෂඥයින් අනතුරු හඟවා ඇති බව ක්ෂේත්රයේ ආරංචිමාර්ග පවසයි.



