ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ගල් අඟුරු ආනයනයේදී සිදුව ඇතැයි කියන වංචා, දුෂණ සෙවීම සඳහා පත් කළ පූර්ණ බලැති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ටිල්වින් සිල්වා විසින් එළිදක්වා තිබෙන පසුබිමක විපක්ෂයේ මන්ත්‍රීවරු එම කොමිසමට ගොස් සාක්ෂි දීම පලක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.
මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ටිල්වින් සිල්වා විසින් අදාළ කොමිසමේ නිලධාරීන්ටද අගෞරවයක් සිදුකර ඇති බවයි.
එකී කොමිසම පත්වන්නෙම ආණ්ඩුවට එරෙහි වංචා දුෂණ චෝදනාවක් එල්ල වීමේ පසුබිම මත වන නමුත් ටිල්වින් සිල්වා විසින් එහි පූර්ව නිගමනයකට පැමිණ ඇති හෙයින් ඊට සාක්ෂි ලබා දීමට තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන්නේ.
ගල් අඟුරු වංචාව ගැන සෙවීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරු සාක්ෂි දීමේ අවශ්‍යතාවක් නොමැති අතර එම විමර්ශනය වෙනුවෙන් මහජන උපයෝගිතා කොමිසමේ වාර්තාව,විගණකාධිපති වාර්තාව. කෝප් කමිටුවේ වාර්තා ඇතුළු වාර්තා තිබෙන බවත් ඒවා පදනම් කරගනිමින්, ප්‍රසම්පාදනයේදී මතුව ඇති කරුණු පදනම් කරගනිමින් එම විමර්ශනය කළ හැකි බවද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියි.


