‘ ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෘජුවම සම්බන්ධයි’- ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණි
මැයි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ බවට විශ්වසනීය තොරතුරු තමන්සතු වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ.

විදේශ අමාත්‍යවරයා ඊයේ(14)දිනයේදී නවදිල්ලියේ පැවති බ්‍රික්ස් ජාතීන්ගේ සමුළුවේදී මේ බව ප්‍රකාශ කර තිබිණ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු සහ නැවත අපනයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල කරන ලද එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ටෙහෙරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රාජ්‍යයන්හි එක්සත් ජනපද හමුදා ස්ථාන සහ වත්කම්වලට ප්‍රහාර දියත් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ක්‍රියාත්මක වන ප්‍රංශ මිරාජ් ප්‍රහාරක ජෙට් යානා සහ චීන වින්ග් ලෝන්ග් ඩ්‍රෝන යානා (දෙකම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් භාවිතා කරන)බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර තිබුණේ,

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාන ප්‍රහාර නැවත නැවතත් හෙළා දැක ඇති අතර, හමුදාමය ක්‍රම ඇතුළුව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බව පවසා තිබු අතර වසර ගණනාවක් එහි ජීවත් වන ඉරාන ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර ද අවසන් කර ඇති අතර, ඉරාන ව්‍යාපාර, වෙළඳ මාර්ග, මුදල් හුවමාරු ජාල සහ ආයතන වසා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...