රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :
ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් 2025 වර්ෂයේදී NVQ මට්ටමේ වෘත්තීය පාඨමාලා සාර්ථකව නිම කළ තරුණ තරුණියන් 878 දෙනෙකු සඳහා සහතික පත්‍ර ලබාදීම ඊයේ (14දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සිදු විය.
ඒ අනුව රූපලාවන්‍ය, බේකරි, තොරතුරු තාක්ෂණ, මානව සම්පත් කළමනාකරණය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් විවිධ පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් වෙනුවෙන් මෙම සහතික පත්‍ර ලබාදීම සිදු කෙරුණි.
මෙම සහතිකපත්‍ර ප්‍රධානෝත්සවයේ පළමු සැසිවාරයේ ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, මානව සම්පත් කළමනාකරණ පීඨයේ , පීඨාධිපති, මහාචාර්‍ය එන්.ඩබ්.කේ දුශාර් කාමිනි දයාරත්න මහතා විසින් සිදු කළ අතර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය කෞශල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙහි දෙවන සැසියේ ආරාධිත දේශනය කැලණි ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල කුමාර ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී , වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.





