ගල් අඟුරු නැව් දෙකක් බාගන්න බැරිව නොරොච්චෝලේ මුහුදේ. ඉදිරියේදී කෝටි 300ක පාඩුවක් එනවා – DV

ගල් අඟුරු ප්‍රසම්පාදනයේ අක්‍රමිකතා පිළිබඳ සෙවීම සඳහා පත්කෙරුණු ජනාධිපති කොමිසමට හිටපු බලශක්ති රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා ඊයේ (15) පැමිණීල්ලක් ඉදිරිපත් කළේය.

ඒ, 2025 / 26 කාලසීමාවේ ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරයේදී සිදුව ඇති දූෂණ සම්බන්ධයෙනි.

“අද වෙනකල් මේ සමාගම හරහා, මේ දූෂිත ටෙන්ඩරය හරහා ලංකාවට ආපු සියලුම ගල් අඟුරු නැව් රිජෙක්ට්. එහෙම නැත්නම් බාල ගල් අඟුරු තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ. විශේෂයෙන්ම අපි සාක්ෂි ඉදිරිපත් කළා ගල් අඟුරු නැව් 05ක් කැබිනට් අනුමැතියක් නොමැතිව අමාත්‍යාංශයේ තනි තීරණයකට ලබාදීම පිළිබඳවත්. මේ වෙද්දී නොරොච්චෝලේ මුහුදේ තියෙනවා නැව් දෙකක්. තව ටික දවසක් යනකොට ඒක නැව් තුනක් බවට පත්වෙනවා. එක ගල් අඟුරු ටොන් එකක්වත් බාන්නේ නෑ, මොකද මුහුදේ තියෙන තත්වය හින්දා. ඒක හින්දා එක දවසකට මෙට්‍රික් ටොන් 3000කට ආසන්නව අඩුවෙලා තියෙනවා. එක නැවක් ගොඩබෑම සඳහා ගිවිසුම්ගත වෙලා තියෙන්නෙ උපරිම දවස් 6ක කාලයක්. මේකත් එක්ක වැඩිවෙන හැම දවසටම ලක්ෂ 50කට ආසන්න මුදලක් ගෙවන්න වෙනවා, එක දවසකට ප්‍රමාද ගාස්තු විදියට. එක නැවකින් මෙට්‍රික් ටොන් 10,000 කට ආසන්න ප්‍රමාණයක්, එහෙම නැත්නම් රුපියල් කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් තියෙනවා. බිලියන 03කට වැඩිය පාඩුවක් එනවා මේ ඉස්සරහට එන නැව් 07 මේ වාරකන් කාලය තුළ ගොඩබෑමට දරණ උත්සාහයත් එක්ක”

ඩී. වී. චානක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අදාළ කොමිසම වෙත ගොස් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...