අපි තද ප්‍රතිපත්තියක ඉන්නවා ගුරුවරු විදුහල්පතිවරු වසර පහෙන් පහට අනිවාර්යයෙන්ම මාරුවිය යුතුයි – ඇමති වසන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අනිවාර්යයෙන්ම වසර පහෙන් පහට ස්ථාන මාරුකර යැවිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“අවුරුදු පහෙන් පස්සේ ගුරුවරයාත් විදුහල්පතිවරයාත් පාසලෙන් මාරුවෙන්න ඕනෙ. එහෙම නැතිවුණාම තමයි අයිතිකාරයො ඉන්නෙ. ආවෙ උගන්වන්න නෙ. කොහෙහරි තැනක උගන්වන්න එපැයි. නේද ? දැන් පොලීසියෙ කෙනෙක් දැම්මොත් යාපනේට බෑ කියන්නද, යන්න එපැයි නේ ? මොන තූත්තුකුඩියෙ වුණත් යන්න ඕනෙ. රාජ්‍ය සේවයට ආවා නම් එහෙම තමයි. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර පාසල්වල ගුරුවරු වැඩියි, සමහර පාසල්වල ගුරුවරු අඩුයි. යන්නෙ නෑ. අපි තද ප්‍රතිපත්තියක ඉන්නවා, අනිවාර්යෙන්ම ගුරුවරු වසර පහෙන් පහට නම් මාරුවෙන්න ඕනෙ. විදුහල්පතිවෘ වසර පහෙන් පහට මාරුවෙන්න ඕනෙ. කොයි පාසලෙත් ඉන්නෙ දරුවෝ. ඒ නිසා ඒක තමයි ප්‍රතිපත්තිය වෙන්න ඕනෙ. එහෙම නැතිව දෙමව්පියෝ ඇවිල්ලා කිව්වාට හරියන්නෙ නැහැනෙ හොඳට ඉස්කෝලෙ හදාගෙන ඉඳපු විදුහල්පතිතුමා මාරුකරන්න එපා කියලා. ඒ විදුහල්පතිතුමා තව ඉස්කෝලයක් අරන් හොඳට හදයි”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (14) පැවති නාච්චාදූව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...