වත්මන් ආණ්ඩුවට මූල්ය පාලනයක් හෝ බලශක්ති ක්ෂේත්රයේ පාලනයක් ඇත්තේම නැති බැවින් විදේශ විනිමය අර්බුදයක් ඇතිවීම අනිවාර්යය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“මේ ආණ්ඩුවට මූල්ය පාලනයක් හෝ බලශක්ති ක්ෂේත්රයේ පාලනයක් තිබුණේම නෑ. ඉතින් ලෝකයේ ඉහළම මිල ගණන්වලට ඩීසල්, ගල් අඟුරු, පෙට්රල් ගන්න ගියාම, රටේ තියෙන – බොහොම අමාරුවෙන් මැදපෙරදිග රටවල, අනිත් කලාපවල වැඩකරන ජනතාව උපයලා දෙන, සංචාරක කර්මාන්තයෙන් බොහොම අමාරුවෙන් උපයාගන්න ඩොලර් ටික තෙල් සංස්ථාවයි, ලංකා ගල් අඟුරු සමාගමයි කාබාසිනියා කිරීමේ ප්රතිඵල තමයි මේ තියෙන්නෙ”
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) BMICH පරිශ්රයේදී පැවති, ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන ලද ජනරජ දින සැමරුමට එක්වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


