පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබුණු මුදල් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අයට සහනාධාර ලබාදීම සඳහා යෙදවූ බැවින් මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
“අපේ විරුද්ධවාදීන් ඉතා කුඩා කුඩා ප්රශ්න අල්ලාගෙන කෑගැහුවාට රටක් ලෙස ගත්තොත් අපි ගොඩාක් ඉස්සරහට ඇවිත් තියෙනවා. මොකද අපි බලය ගන්න වෙලාවේ අපේ රටේ ආර්ථිකය තිබ්බෙ ණය ගෙවාගන්න බැරුව, පිටරටින් බඩු ගේන්න බැරුව, අඩුම ගාණෙ ඡන්දය තියාගන්නවත් සල්ලි නැතිව තමයි රට තිබුණෙ. රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වා පළාත් පාලන ඡන්දය තියන්නෙ නැත්තෙ සල්ලි නැති හින්දා කියලා.
මැදපෙරදිග යුධමය තත්වයක් තියෙද්දීත් අපි ඒකට මුහුණ දීගෙන යනවා. මේ යුධමය තත්වය නිසා අපිට තෙල් ගේන්න වැයවෙන මුදල් ප්රමාණය වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නෙ පස් ගුණයකින් වැඩිවෙලා තියෙනවා මේ තෙල් ගේන වියදම. ඒ නිසා ඩොලර් එකට කිසියම් බලපෑමක් වුණා. ඩොලර් එක 350 පැන්නා, නමුත් අපි ඉක්මනින්ම ඒකට මැදිහත් වෙලා ආයෙ 330 මට්ටමට ගෙනත් තියෙනවා. ඒ නිසා අපිට ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් කියලා පැහැදිලියි.
ඔබ කවුරුත් දන්නවා අපට දිට්වා කුණාටුව ආවා. අයවැයට වෙන්කරපු සල්ලි එහෙම්ම තියෙද්දී රුපියල් බිලියන 500ක්, ඒ කියන්නෙ කෝටි 5000ක් දිට්වා වෙනුවෙන් වෙන්කරන්න වුණා. එතකොට ඒ සල්ලි ඡන්දෙ කරන්න තිබ්බ සල්ලි. ඒක නිසා අපට මේ අවුරුද්දේ ඡන්දෙ කරන්න වෙන්නෙ නෑ. දැන් මේ අලුත් ප්රශ්නෙකුත් ඇවිත් තියෙනවා. මං හිතනවා අපට ලබන අවුරුද්ද වගේ වෙනකොට බොහෝවිට වෙන ගැටලු ආවෙ නැත්නම් පළාත් සභා තියාගන්න පුළුවන් වේවි කියලා”
ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ප්රධාන ආරාධිතයා වශයෙන් එක්වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.


