කොළඹ LNW: චීනයේ Shenzhou 23 මිනිසුන් සහිත අභ්යවකාශ යානය චීන අභ්යවකාශ මධ්යස්ථානය වෙත ළඟා වීමෙන් පසු, Shenzhou 23 අභ්යවකාශ යානයේ කාර්යෙමණ්ඩල ගගනගාමීන් තිදෙනා එහි කැප්සියුලයේ සිට කක්ෂීය මොඩියුලය වෙත සාර්ථකව ඇතුළු වූණා. මේ බව චීනයේ මිනිසුන් සහිත අභ්යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසනවා.
එහිදී Shenzhou 21 ගගනගාමී කණ්ඩායම, අද (25) පෙරවරු 5:13 ට පමණ එහි මොඩියුලයේ දොරටුව විවෘත කරමින් Shenzhou 23 ගගනගාමී කණ්ඩායම චීන අභ්යවකාශ මධ්යස්ථානය වෙත පිළිගනු ලැබුවා.
මෙය චීනයේ මිනිසුන් සහිත අභ්යවකාශ වැඩසටහන් ඉතිහාසයේ අභ්යවකාශය වෙත මිනිසුන් රැගෙන යාමේ අටවන මෙහෙයුම සනිටුහන් කරයි. එමෙන්ම, මෙය චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සිට චීන අභ්යවකාශ මධ්යස්ථානය වෙත ගගනගාමියෙකු ස්ථානගත කළ පළමු අවස්ථාව ද වනවා.
මෙහිදී චීන අභ්යවකාශ මධ්යස්ථානය තුළ සිට ගගනගාමී කණ්ඩායම් දෙක සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා. පසුව, ඔවුන් චීන අභ්යවකාශ මධ්යස්ථාන කක්ෂයේ අදාළ මෙහෙයුම් සඳහා එක් වන බවයි වාර්තා වන්නේ.
දිනූෂි ධීරසිංහ


