රංග දිසානායකට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවන්න – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි.

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාවේ නියෝග හා විධානයන්ට අනුකූලව කටයුතු කළ යුතු අතර ඔහුගේ විනය බලධාරියා වන්නේ ද කොමිෂන් සභාවම බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල ගැටලුවක් පැන නැගී ඇති අතර ඔහු අත්තනෝමතික ලෙස පක්ෂග්‍රාහීව සිය රාජකාරී සිදුකරමින් පවතින බවට පැමිණිලි රාශීයක් සමාජගත වී ඇති බවත් පෙන්වා දෙන විපක්ෂය තවදුරටත් පවසන්නේ දූෂණ විරෝධී පනතේ 19 (2) (අ) හා (ඉ) වගන්ති අනුව කොමසාරිස් ජනරාල්වරයා යම් බරපතල විෂමාචාරයක් හෝ පනතේ ඔහු වෙත පැවරී ඇති බැඳීම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් තවදුරටත් අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කළ නොහැකි බවයි.

එසේම දැනට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කර ඇතැයි කියනු ලබන බලවත් විෂමාචාරයක් පිළිබඳව මියගිය කපිල චන්ද්‍රසේන විසින් කරන ලද අනාවරණයක් පිළිබඳව තොරතුරු ඔවුන් වෙත ලැබී ඇති බවද ඒකාබද්ධ විපක්ෂය පවසයි.

කපිල චන්ද්‍රසේන විසින් ඔහු ජීවත්ව සිටියදී අධිකරණය වෙත ලබාදෙන ලද දිවුරුම් ප්‍රකාශය අනුව ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවකදී අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහු අමතා ඇති බවද එම ලිපියේ දක්වා ඇති අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් මෙම සිදුවීමට අදාල බව ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපෑම් කර ඇති බවට එමගින් චෝදනා කර තිබේ.

එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු සත්‍ය නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිළිබඳව බරපතල සැකයක් හා අවිශ්වාසයක් ජනතාව තුළ ඇතිවන බව පැහැදිලි වන අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය බලවත් විෂමාචාරයක් වන බව ද පැහැදිලි බව එම ලිපියේ දැක්වෙයි.

ඒ අනුව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය ඔවුන් නොදන්නා බවත් එහෙයින් මේ පිළිබඳව විමර්ශනයක් පවත්වා එහි සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගනිමින් අවශ්‍ය කටයුතු ඒ අනුව ඉටු කිරීම කොමිෂන් සභාව සතු පරම යුතුකමක් හා වගකීමක් ලෙස පෙන්වා දෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...

ඉරානයේ දකුණු වෙරළ තීරයේ Qeshm දූපත සහ Bandar Lengeh ප්‍රදේශවලින් පිපිරීම් රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති...

ක්‍රිෂ් නඩුවට පෙනී සිටින්න නාමල් අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු...