ඇපමත නිදහස් වූ ළහිරු වීරසේකර ජාතික රෝහලට

Date:

ඊයේ මරදාන පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර ඇපමත මුදාහැර තිබෙනවා. ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඊයේ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේදී පැවති අරගලයේදී මියගිය පුද්ගලයන් සිහිකිරීමේ අවස්ථාවකට සහභාගි වී ආපසු යමින් සිටියදී ළහිරු පොලිස් අත්අඩංගුවට පත්විය. පසුගිය 30 වැනිදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත්විය.

ළහිරු වීරසේකර ඇපමත මුදා හැරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇති බවද වාර්තා වේ. ඔහුගේ නීතිඥයන් පවසන්නේ පොලිස් භාරයේ සිටියදී සැකකරුගේ ගෙල ප්‍රදේශය සිරකර ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...