සටහන – රුවන් නෙළුගොල්ල
අද (31) දිනයේ ද පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා මෙසේ ස්වේඡාවෙන් තම සූර්ය පැනල ක්රියා විරහිත කරන ලෙසයි එම සමාගම ඉල්ලා ඇත්තේ.
ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් ඊයේ (30) දිනයේදී ඇතැම් ප්රදේශවල විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබිණි.
ඒ වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකතනය කළ කාලසීමාවට වඩා ශීඝ්රයෙන් පහළ යාම හා සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙනි. ඒ අනුව ඊයේ දිනයේද ප.ව. 03.00 දක්වා වහල මත සූර්ය පැනල සවි කර ඇති හිමිකරුවන්ට එම සූර්ය පැනල ස්වෙච්ඡාවෙන් විසන්ධි කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.


