දේශපාලනයට එන්න කිසිම අදහසක් නෑ – ශවේන්ද්‍ර සිල්වා සහතික වෙයි !

තමන්ට ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බව හිටපු හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

“මට ක්‍රියාකාරී දේශපාලනයට එන්න කිසිම අදහසක් නෑ. දේශපාලන වේදිකාවකට ගොඩවීමට හෝ කිසිම අදහසක් නෑ. නමුත් රට වෙනුවෙන් යම්කිසි වගකීමක් භාරදෙනවා නම් රට වෙනුවෙන් ඒක ඉටුකරන්න මම ඕනෑම වෙලාවක සූදානම්. මගේ මූලික පරමාර්ථය මා එක්ක සටන් කරපු, එහෙම සටන් වැදිලා ආබාධිත බවට පත්වුණු රණවිරුවන්ගේ සුබසාධනයයි.

මම එදා ඉඳලාම කියපු දෙයක් තමයි, අපි සටන් කළේ කිසිදු ජාතියකට එරෙහිව නෙවෙයි ත්‍රස්තවාදයට එරෙහිව කියන එක. එහෙම සටන් කරපු අපට අදටත් ඇතැම් බටහිර රටවල් විසින් ඉතාම ශෝචනීය ආකාරයටයි සලකන්නේ. ඔවුන් එහෙම කරන්නේ කිසිම වාර්තාවක් පදනම් කරගෙනත් නෙවෙයි. ඒ නිසා මම නැවත නැවතත් කියන්නේ අපි සටන් කළේ ත්‍රස්තවාදයට එරෙහිව මිස කිසිසේත්ම දෙමළ ජනතාවට එරෙහිව නෙවෙයි”

මේ වනවිට චීනයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමින් සිටින ඒ මහතා එහි සිට ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...