Ceylon Tea ගම්මාන 500ක් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:දීප ව්‍යාප්තව සිලෝන් ටී ගම්මාන පන්සියයක් ආරම්භ කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සැලසුම් කොට තිබේ.

ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමත් ජාත්‍යන්තර වෙළඳපළ අභියෝග ජයගැනීමත් අරමුණු කරගනිමින් මෙම ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කුඩා පරිමාණයේ තේ වතු හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම ගම්මාන පන්සියය ආරම්භ කරන බවත් එහිදී ඔවුන් ද අවශ්‍ය තාක්ෂණය සහ දැනුම ලබාදීමට පියවර ගන්නා බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙම වැඩසටහනට අමතරව තේ කර්මාන්තකරුවන් සඳහා සහනාධාර පොහොර ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 2500ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...