ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා අත්පන්දු, කැරම් සහ හොකී යන ජාතික ක්‍රීඩා සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව, අංක 2489/48 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම තීරණය ඔස්සේ එම සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත.

එම පත් කිරීම 2026 මැයි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන බව දැක්වෙයි.

උක්ත තීරණය ගැනීමට ප්‍රධානතම හේතු වී ඇත්තේ අදාළ සංගම්වල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නිසි පරිදි සම්පූර්ණ කරගැනීම සහ විනිවිදභාවයෙන් යුත් නිලවරණයක් හරහා නව නිලධාරීන් පත් කර ගැනීමයි.

ඒ අනුව නව නිලධාරීන් තෝරා පත් කර ගන්නා තෙක් එම සංගම්වල සියලුම පරිපාලනමය කාර්යයන් සහ කළමනාකරණ කටයුතු මෙහෙයවීමේ පූර්ණ බලය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...