රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය වන අවම වියදම පිළිබඳ යාවත්කාලීන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, පසුගිය අප්‍රේල් මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,117 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරයි.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී ඉහළම ජීවන වියදම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
මෙම දත්ත මගින් මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ පුද්ගලයන්ගේ මූලික පැවැත්ම සඳහා අවශ්‍ය වන මූල්‍යමය ශක්තිය පැහැදිලි කෙරේ.
මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වූ මෙම වියදම් මට්ටම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන ආකාරය ද මෙමගින් මනාව නිරූපණය වේ.


