ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ජයග්‍රාහකයින් මවුබිමට!

රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :

හොංකොං හි පැවති 22 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් නැවත දිවයිනට පැමිණ ඇත.

මෙම තරගාවලියේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පදක්කම් සටහනේ අටවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

විශේෂයෙන්ම මීටර් 1500 ඉසව්වෙන් තරුෂි අභිෂේකා සහ මීටර් 200 ඉසව්වෙන් රන්සිනි පෙරේරා රන් පදක්කම් දිනා ගනිමින් මෙරට නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවූහ.

මීට අමතරව උස පැනීම සහ කෙටි දුර ධාවන ඉසව්වලින් ද දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් මව්බිමට ගෞරවයක් එක් කළහ.

වසර ගණනාවකට පසු ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණ ලාංකීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් සනිටුහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...