රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :
ලිට්රෝ සමාගම විසින් ජූනි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය එළඹෙන ජූනි 04 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ලෝක වෙළඳපොළේ පවතින මිල ගණන්වල වෙනස්වීම්වලට අනුකූලව මෙම නව මිල තීරණය කෙරෙන අතර, එය ජූනි 05 වනදා සිට ක්‍රියාත්මක වනු ඇත.
මිල තීරණය කිරීම සඳහා අවශ්‍ය වාර්තා මේ වන විටත් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
පසුගිය මැයි මාසයේදී සමාගම විසින් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකළ බැවින්, මෙවර සංශෝධනය පිළිබඳව මහජනතාව දැඩි උනන්දුවකින් පසුවේ.
මෙම සමස්ත ක්‍රියාවලිය මඟින් දේශීය පාරිභෝගිකයන්ට ලබාදෙන ගෑස් මිල ජාත්‍යන්තර වෙළඳපොළ අගයන් සමඟ සමපාත කිරීම අපේක්ෂා කෙරේ.



