රෂිකා හෙන්නායක ජුනි 02, කොළඹ LNW :
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 සිට 2027 දක්වා කාලය සඳහා වන වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලැයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නව ගිවිසුම් යටතේ ක්‍රීඩකයින් 46 දෙනෙකු තේරී පත්ව ඇති අතර, එම කාලසීමාව 2026 අප්‍රේල් මස සිට වසරක කාලයක් පුරා ක්‍රියාත්මක වේ.
මෙහිදී ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය, ශාරීරික යෝග්‍යතාවය සහ අත්දැකීම් යන ප්‍රධාන කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ව කාණ්ඩ කිහිපයකට වර්ගීකරණය කර තිබේ.
ඒ අනුව, A1 සිට මධ්‍යස්ථ මට්ටම දක්වා විවිධ ශ්‍රේණි යටතේ ජාතික කණ්ඩායමේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මෙම තේරීම් සිදු කර ඇත.


