පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන්

සටහන – රුවන් නෙළුගොල්ල

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තබා තිබේ.

මෙම පෙත්සම සම්බන්ධ වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ (02) අවසන් කෙරුණු අතර, එහි තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් මහතා පැහැරගෙන යාම සහ අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන්ව 2025 අප්‍රේල් 08 වනදා අත් අඩංගුවට ගෙන තිබුණු අතර රැඳවුම් නියෝග යටතේ වසරකට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...