පන්සල්වලට කියලා වෙනම නීතියක් නෑ, පොලු තිව්වොත් ලයිට් කපනවා – කංචන

Date:

විදුලි බිල් නොගෙවන පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම අත්හිටුවීම සියලුදෙනාටම සමාන අයුරින් ක්‍රියාත්මක වන බවත්, පන්සල්වලට හෝ ආගමික ස්ථානවලට හෝ වෙනම නීතියක් ක්‍රියාත්මක නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

ඕමල්පෙ සෝභිත හිමි පසුගියදා ප්‍රකාශ කළේ වැඩිකළ විදුලි බිල ගෙවීමට බොහෝ ආගමික ස්ථානවලට නොහැකි බවයි. හැකියාව තිබුණද වැඩිකළ විදුලි බිල නොගෙවන බවත්, විදුලි බිල ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව විදුලි බිල නොගෙවීමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් සෝභිත හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

විදුලිබල අමාත්‍යවරයා පවසන්නේ විදුලිය භාවිතා කරන්නේ නම් බිල් ගෙවීම අනිවාර්ය බවයි. දිගින් දිගටම බිල් නොගෙවන පුද්ගලයන්ගේ විදුලි සැපයුම අත්හිටුවන බවද ඇමතිවරයා පවසනවා.

සෝභිත හිමි සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම දේශපාලනික අරමුණු ඔස්සේ සිදුකරන ප්‍රකාශ බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...