සියලු පුරවැසියන්ට සමතැන ලබාදෙන ක්‍රමයකට රට යොමුකරනවා – සජිත් තිරුනගර් හිදී පොරොන්දු වෙයි (VIDEO)

Date:

කොටසකට පළමු පංතියේ සැලකිල්ලත්, තව කොටසකට දෙවැනි තුන්වැනි පන්තියේ සැලකිල්ලක් ලබාදීමේ ක්‍රමවේදය සහමුලින් වෙනස් කොට සියලු පුරවැසියන්ට සමතැනක තබා සැලකීමේ ක්‍රමවේදයට රට යොමු කරන්නට සමගි ජන බලවේගය කටයුතු කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව හමුවේ රටේ මෙන්ම උතුරේ වසන්තයත්, උතුරේ පරිහානිය බවට පත්ව ඇතැයි ද් විපක්ෂ නායකතුමා කීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) තිරුනගර් හි පැවති ජන හමුවකට එක් වෙමිනි.

මේ ආණ්ඩුව කරපු එකම දේ ජනතාව භේදභින්න කරලා තමන් රජ වීම බවත්, ආණ්ඩුව පෝලිම් යුගය නැවතත් රටේ ජනතාවට උදා කර ඇති බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය. රට වැටී ඇති මහා ප්‍රපාතයෙන් ගොඩ ගන්නට සමගි ජනබලවේගයට හැකියාව තියෙන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, නිපුණතාවයෙන්, දක්ෂතාවයෙන්, කුසලතාවයෙන් හෙබි දක්ෂ කණ්ඩායමක් තමන් සමග සිටින බවත් පෙන්වා දුන්නේය. මේ රට ගොඩ ගැනීමේ දැවැන්ත මෙහෙවර ඔස්සේ ජනතාවට ආත්ම ගරුත්වයෙන් නිදහසේ ජීවත්විය හැකි යුගයක්, ප්‍රජාත්‍රන්ත්‍රවාදය රජයන පොදුජන යුගයක් උදෙසා සමගි ජන බලවේගය සමග ඒකරාශී වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...