ගෙදර යන්න බලාගෙන ජනමත විචාරණයකට යන්න – රනිල්ට සජබෙන් අභියෝගයක්

Date:

අභියෝග රැසක් මැද දිවි ගෙවන රටේ සාමාන්‍ය ජනතාවගේ මූලික ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණ නීති සංශෝධන, ව්‍යවස්ථා සංශෝධනවලට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටී ඇති බවයි. විදේශ සංචිත සම්බන්ධයෙන් තවමත් දැවැන්ත අර්බුදයක් තිබෙන බවත්, ණය ආධාර ලබා ගැනීමද තවමත් අභියෝගයක් වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මැතිවරණ නීති සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව අවසර ලබා නොදෙන්නේ නම්, ජනමත විචාරයක් කරා යාමට සිදුවන බවට ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සිහිපත් කරන තිස්ස අත්තනායක මහතා පවසන්නේ ජනතාව ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක් නොව මහ මැතිවරණයක් බවයි. වත්මන් විකෘති පාර්ලිමේන්තුව වෙනුවට සැබෑ ජනතමය නියෝජනය කරන පාර්ලිමේනතුවක් නිර්මාණය කිරීම හරහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවද අත්තනායක මහතා අවධාරණය කරනවා.

එසේ නොකර ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වන්නේ නම් ජනමත විචාරණයේදී ජනාධිපතිවරයාගේ මතය පරාජය කිරීම සඳහා ජනතාව මෙහෙයවන බවද මන්ත්‍රීවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...