රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :
Hayleys Mobility සමාගම විසින් මෙරට ප්‍රවාහන ක්ෂේත්රයට අලුතින්ම එක් කළ JAECOO J5 HEV රථය කොළඹදී නිල වශයෙන් එළිදක්වා තිබේ.
මෙම නව හයිබ්‍රිඩ් (Hybrid) වර්ගයේ මෝටර් රථය ශ්‍රී ලංකාවේ තිරසාර සහ ඉහළ කාර්යසාධනයක් සහිත වාහන සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට සමත් වනු ඇත.
දියුණු ආරක්ෂිත තාක්ෂණයෙන් සහ නවීන පහසුකම්වලින් සමන්විත මෙම සුඛෝපභෝගී රථය නාගරික මෙන්ම දුරබැහැර ගමන් සඳහාද ඉතා යෝග්‍ය වේ.
පරිසර හිතකාමී මෙන්ම බුද්ධිමත් තාක්ෂණික පද්ධතියක් සහිත මෙම වාහනය මෙරට වාරික මෝටර් රථ වෙළඳපොළේ නව වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.
මෙම හඳුන්වාදීම හරහා මෙරට නවීන බලශක්ති වාහන කාණ්ඩය තවදුරටත් ව්‍යාප්ත වන බව පැහැදිලි වෙයි.






