කාන්තා විස්සයි විස්ස: ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ජයක්

රෂිකා හෙන්නායක ජුනි 07, කොළඹ LNW :

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයට පෙර පැවති පුහුණු තරගයකදී පාකිස්තානු කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා ඇත.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය ලකුණු 168ක් රැස්කළ අතර, ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය මෙහෙයවූ චේතනා විමුක්ති කඩුලු 04ක් දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූවාය.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියන් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පන්දුවාර 19ක් ඇතුළත එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

එහිදී චමරි අතපත්තු ලකුණු 94ක් සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 63ක් ලබාගනිමින් පිත්තෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්හ.

අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක අතිවිශිෂ්ට ජයක් ලබමින් තරගාවලියට පෙර ඉතා ඉහළ මානසික මට්ටමක් අත්කර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...