තෙදින ඩෙංගු මදුරු මර්දන සතිය ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජුනි 08, කොළඹ LNW :

  • ආරම්භක දින පරිශ්‍ර 70,000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට.
  • නිවෙස්, පාසල්, රාජ්‍ය ආයතන රැසක ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් හදුනාගනී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භ විය. මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ලබන (10) දින දක්වා ක්‍රියාත්මක වේ.

මදුරු මර්දන වැඩසටහනේ පළමු දිනයේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ආපදා කළමණාකරණ ඒ්කකයේ දී සමාලෝචනයක් සිදු කරමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ ආරම්භක දින වැඩ කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවයි.

මෙම වැඩසටහන සඳහා  ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඩෙංගු සහායකයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග එක්ව කණ්ඩායම් වශයෙන් ගෙයින්ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා  කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය. එම කටයුතු සඳහා අදාළ සියලු පාර්ශ්වයන් දැඩි කැප කිරිමක් සිදු කළ බව ද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා විශේෂයෙන් සඳහන් කළේය. 

ඒ අනුව තෙදින ඩෙංගු මදුරු වැඩසටහනේ පළමු දිනය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 ක තුළ  පරිශ්‍ර 70,000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, නිවෙස්, පාසල්, රාජ්‍ය ආයතන වල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල වශයෙන් හදුනා ගැනීමට හැකි වී ඇති බවත් ආයතන සහ පරිශ්‍ර රැසක මදුරු කීටයින් සහිත ස්ථාන වාර්තා වීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ද ගැනීමට සිදුව ඇති බව ද පැවැසීය.

වැඩසටහන ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් මේ සඳහා උපරිම සහයෝගය තවදුරටත් බලාපොරොත්තු වන බව සඳහන් කළ ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා හිමිකරුවන් නොමැති සහ දැනට භාවිතා නොකර වසා දමා ඇති පරිශ්‍ර තුළ මදුරුවන් බෝවන ස්ථාන විශාල වශයෙන් හදුනාගැනීමට හැකි වූ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රගති සමාලෝචනයට  අදාළ සවිස්තර වාර්තාවක් හෙට (09) දින මාධ්‍ය වෙත නිකුත් කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...