බොරතෙල් ගෙන්වීමෙන් දේශපාලනඥයෙක් සුපිරි ගැහිල්ලක !

Date:

රටේ පවතින විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන ගෙන්වීම සීමා කර තිබීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටියදී තෙල් ජාවාරමට සම්බන්ධ පිරිස් මහා පරිමාණයෙන් දූෂිත ගනුදෙනු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව පසුගියදා මෙරටට බොරතෙල් නැව් දෙකක් ගෙන්වා ඇති අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා යොදා ගන්නේ “ලයිට්” වර්ගයේ බොරතෙල් වන නමුත් ඔවුන් ගෙන්වා ඇත්තේ “හෙවි” වර්ගයේ බොරතෙල් බව අනාවරණය වී තිබේ. මේ වනවිට එම බොරතෙල් නැව් දෙක සඳහා ගෙවීම් කටයුතුත් සිදුකර අවසන් බව සඳහන්.

මෙම “හෙවි” වර්ගයේ බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවෙන් පිරිපහදු කිරීමේදී ලබාගත හැක්කේ ඩීසල් සහ තාර පමණක් වන අතර එය බරපතළ ලෙස පාඩුදායක වේ.

මෙම ගනුදෙනුවට ප්‍රබල දේශපාලකයකුගේ මැදිහත්වීම ද ඇති බවත් වාර්තා විය.

සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුව එම බොරතෙල් ගෙන්වූ පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ එහි වර්ගය වෙනස් නම් තත්ව පරීක්ෂාවෙන් අනුමත කළේ ඇයිද කියා ය. ඒ අනුව මෙම බොරතෙල් තොගයේ තත්ව පරීක්ෂණය සිදුකළ නිලධාරීන් ඉදිරියේදී අමාරුවේ වැටීමට නියමිත බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම බොරතෙල් බැරලයක් රුසියාවෙන් ඇමරිකානු ඩොලර් 30 බැගින් ලබාගෙන මෙරටට විකුණා ඇත්තේ ඇමරිකානු ඩොලර් 95 බැගින් බවත්, ඒ අනුව එක් බැරලයකින් ඩොලර් 60 බැගින් ලාභයක් අදාළ දේශපාලනඥයා සහ ඉන්ධන සැපයූ සමාගම උපයාගෙන ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...

ලංකාවට වැටෙන්නේ පුල්ටොස් එකක්ද – යෝකර් එකක් ද?

සටහන - නිෂ්මං රණසිංහ ජනවාරි 14, LNW (කොළඹ): ලෝක කුසලානය...

” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : දඹුල්ල, සීගිරිය සංචාරක...