සනත් නිශාන්තට සිතාසි නිකුත් කරන්නේද යන තීරණය සති දෙකකින්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ඊයේ (13) නියම කළේය.

ඒ, සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් දෙකක් බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් නීතීඥයින් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...