Assamහි දී ඉන්දීය ගුවන් හමුදා යානයක් කඩාවැටීමෙන් පස්දෙනෙක් මියයති!

රෂිකා හෙන්නායක ජුනි 13,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියානු ගුවන් හමුදාවට අයත් AN-32 ප්‍රවාහන ගුවන් යානයක් ඇසෑම් ප්‍රාන්තයේ ජොර්හාට් ප්‍රදේශයේදී අනතුරට පත්වීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩබෑමේදී සිදුවූ මෙම දරුණු අනතුරෙන් යානය ගිනිගෙන ඇති අතර එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පිරිස අතර ස්කොඩ්‍රන් ලීඩර්වරයෙකු සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්වරයෙකු ද වන බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු ගුවන් හමුදාව දැනටමත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රාන්ත මහ ඇමතිවරයා ද මේ පිළිබඳව සිය කනගාටුව පළ කර ඇත.

සෝවියට් දේශයේ නිෂ්පාදිත මෙම යානා ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කරනු ලබයි.

මෙම අනතුර එම කලාපයේ මෑතකදී සිදුවූ දෙවන ගුවන් හමුදා යානා අනතුර ලෙස ද හඳුනාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...

මහබැංකු බැඳුම්කර නඩුව කැදවීමට නියෝග!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය යහපාලන කාලයේ සිට විශාල ආන්දෝලනයකට තුඩු...