ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකා A පිලට විශිෂ්ට ජයක්

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :

දඹුල්ලේදී පැවැති ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟයේදී  කඩුලු 08කින් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (13) සමත්විය. 

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 245ක් ලබාගත් අතර, එහිදී චාමික ගුණසේකර කඩුලු තුනක් දවාගනිමින් දස්කම් දැක්වීය.

වර්ෂාව හේතුවෙන් තරගයේ ජයග්‍රාහී ඉලක්කය වෙනස් වූ අතර, ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට නව ඉලක්කයක් හිමි විය.

අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ විශිෂ්ට ශතකය සහ සදීර සමරවික්‍රමගේ අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් වාර්තා කළේය.

අවසානයේදී කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...