රනිල්ගේ ටික්ටොක් න්‍යාය

හෘද සැත්කමින් පස්සේ ටික කාලයක් වෛද්‍ය උපදෙස් අනුව විවේකීව ඉඳපු එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ආපහු දේශපාලන වැඩ කටයුතු පටන් අරන් තිබුණා.

වැඩේ නිල වශයෙන්ම සංකේතවත් වෙන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකුත් ජුනි 11 වෙනිදා කොළඹ, මල්පාරේ පිහිටි රනිල්ගේ කාර්යාලයේදී පැවැත්වුණා.

ඔය රැස්වීමට ඇවිල්ලා ඉඳපු යූඑන්පීකාරයො හැමෝටම වගේ තිබුණු ප්‍රධානම ප්‍රශ්නය වුණේ ලොක්කා මොකක්ද මීළඟට කරන්නේ යන්නේ …? කියන එකයි.

සාමාන්‍යයෙන් රනිල් ටික දවසක් දේශපාලන වැඩවලින් අයින් වෙලා ඉන්නවා කියන්නේ, අනිවාර්යයෙන්ම ඔහු ඉදිරි කාලයට මොනවා නමුත් සැලසුම් කරනවාමයි. තමුන්ට බලය නැතිනම් රනිල් සාමාන්‍යයෙන් කැමතිත් පැත්තක ඉඳන් දේශපාලන බෝඩ් එකේ ඉත්තෝ අදින්නයි. රනිල් ඒ වැඩේට දක්ෂයි. රනිල් ඔය වැඩේ පටන් ගත්තු ගමන් ඔහුගේ විරුද්ධවාදීන් ටික දෙනෙක් හෝ අමාරුවේ වැටෙනවාමයි සාමාන්‍යයෙන්.

ඉතින් අර කට්ටිය හැමෝම වගේ බලාගෙන හිටියේ ලොක්කාගෙ ඉදිරි සැලසුම් ගැන, ලොක්කාගෙ දැලේ ඊළඟට පැටළෙන්න නියමිත කවුද කියන එක ගැන එහෙම ඉඟියක්වත් දැනගන්න ලැබේවි කියලායි.

නමුත් අපිට ආරංචි වෙන විදියට නම් රනිල් වැඩේ එළියට දාන්න ඉන්නේ කොටස් වශයෙන් ලු. ඒකත් පාර්ශ්ව කිහිපයක් හරහා ලු. වැඩේදී ඉලක්ක වෙන අයට නම් සෑහෙන්න අමාරුත් වෙයි ලු ටික කාලයක් යද්දී ….

සාමාන්‍යයෙන් සිංදුවක් හෝ වෙන මොකක් හෝ වීඩියෝවක් ටික්ටොක් සාමාජ මාධ්‍ය ජාලයට දාන්නේ පොඩි පොඩි කෑලි කීපයකට කපලා, අවස්ථා කීපයකදී නෙ. රනිලුත් මේ පාර ටික්ටොක් ක්‍රමයට තමන්ගෙ දේශපාලන විරුද්ධවාදීන්ට ටොකු ටිකක් අනින්නයි යන්නේ කියලායි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...