රෂිකා හෙන්නායක ජුනි 14,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ බ්රසීලය සහ මොරොක්කෝව අතර පැවැති සම ආරම්භක තරඟයේදී ඉස්මායෙල් සයිබාරි ලබාගත් ගෝලය හේතුවෙන් මොරොක්කෝව ප්රථමයෙන් පෙරමුණ ගත් නමුත්, විනිසියස් ජූනියර් විසින් එල්ල කරන ලද දක්ෂ ප්රහාරයකින් බ්රසීලය තරඟය සම කිරීමට සමත් විය.
නව පුහුණුකරු කාර්ලෝ ඇන්සෙලොට්ටි යටතේ ක්රීඩා කළ බ්රසීල කණ්ඩායම මෙම තරඟයේදී දැඩි අභියෝගයකට ලක්වූ අතර, ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා ප්රදර්ශනය කිරීමට අපොහොසත් විය.
සුපිරි ක්රීඩක නෙයිමාර්ගේ නොපැමිණීම කණ්ඩායමට විශාල පාඩුවක් වූ බවත්, ඉදිරි තරඟ ජයග්රහණය සඳහා ඔවුන් තවදුරටත් දියුණු විය යුතු බවත් තරඟ විචාරකයින් පවසයි,අවසානයේ දෙපිලම එක බැගින් ගෝල ලබාගනිමින් මෙම තීරණාත්මක තරඟය ජය පරාජයකින් තොරව නිමා කළහ.



