රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා!

කොළඹ LNW:මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

රෙදිපිළි හා ඇඟලුම් මෙරට ප්‍රමුඛතම අපනයන වෙළෙඳ භාණ්ඩයකි.

ඒ අනුව 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7 ක් ලෙස සටහන් වී ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,751.8 ක් ලෙස වාර්තා වී තිබුණි. එමඟින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3 කින් පහළ ගොස් තිබේ.

මේ අතර, 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ එම කාල සීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 4,315.6 සිට ඩොලර් මිලියන 4,534.9 දක්වා වැඩි වී තිබේ.

එහෙත් එම කාලය තුළ ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් 2025 වසරේ ඩොලර් මිලියන 6,572.9 ක් වූ ආනයන වියදම 2026 වසරේදී ඩොලර් මිලියන 8,227.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

මෙය සියයට 25.2 ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 32.8 කින්ද, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 24.1 කින්ද, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 19.8 කින්ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අපනයන වර්ධනයට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් 2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා වර්ධනය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...