රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW :
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විද්‍යුත් ගාස්තු ගෙවීමේ (ETC) පද්ධතිය නවීකරණය කරමින් රියදුරන්ට වඩාත් පහසු සේවාවක් සැපයීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. නව ක්‍රමය යටතේ වාහන හිමිකරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වී තම ගිණුම් සඳහා මුදල් බැර කිරීමේ පහසුකම සලසා දී තිබේ.
මෙම තාක්ෂණය භාවිතා කරන්නන් සඳහා විශේෂ ප්‍රවේශ මාර්ග වෙන් කර ඇති අතර, සෑම ගමන් වාරයකදීම සියයට 10ක ගාස්තු වට්ටමක් හිමිවීම විශේෂත්වයකි.
දැනට මධ්‍යස්ථාන කිහිපයක ක්‍රියාත්මක මෙම සේවාව ඉදිරියේදී කඩවත අන්තර් හුවමාරුව දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පද්ධතිය භාවිත කිරීමේදී නිසි වේගය සහ පරතරය පවත්වා ගනිමින් සහය වන ලෙසයි.
මෙමගින් අධිවේගී මාර්ගයේ පවතින වාහන තදබදය අවම කර කාර්යක්ෂම ගමනාගමනයක් අපේක්ෂා කෙරේ.



