රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW :
යෝෂිත රාජපක්ෂ මහතා තමන්ට එරෙහිව පවතින මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවලට අදාළව ගොනුකළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
මෙම නඩුවේදී ප්‍රධාන වශයෙන් මතු වී ඇත්තේ තවත් විත්තිකාරියක නිදහස් කර ඇති පසුබිමක, එක් පුද්ගලයෙකුට පමණක් ‘කුමන්ත්‍රණය’ කිරීමේ චෝදනාව එල්ල කළ හැකිද යන නීතිමය ගැටලුවයි.
විත්ති පාර්ශවයේ නීතිඥයන් තර්ක කරන්නේ හවුල්කරුවෙකු නොමැතිව එම චෝදනාව පවත්වාගෙන යා නොහැකි බව වුවද, නීතිපති දෙපාර්තමේන්තුව එම තර්කය ප්‍රතික්ෂේප කරමින් කරුණු දක්වා ඇත.
මෙම නීතිමය අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.



