නාවිකයෝ බස්නාහිර දිනති

Date:

බස්නාහිර පළාත් රග්බි සංගමය සංවිධානය කරන්නට යෙදුණ,බස්නාහිර පළාත් අවුරුදු 24 න් පහළ රග්බි සූරතාවලියේ විවෘත ක්‍රීඩා සමාජ අංශයෙන් නාවික හමුදාව ජයගත් අතර සංවර්ධිත කණ්ඩායම් අතර පැවති තරගාවලියේ ජය හිමි වූයේ ආදි වෙස්ලි කණ්ඩායමටය.



විවෘත අංශයෙන් ක්‍රීඩා සමාජ 6 ක් සහ සංවර්ධිත ක්‍රීඩා සමාජ 12 ක් සත් සාමාජික තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට එක්ව සිටියහ.පොලිස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියේ විවෘත අංශයේ අවසාන තරගයට නාවික හමුදාවට එරෙහිව පැමිණියේ පීටර්සන් ක්‍රීඩා සමාජය ය.එහිදී නාවිකයෝ ලකුණු 20 ක් ලෙස පහසුවෙන් පීටර්සන් ක්‍රීඩාකයන්ව අභිබවා ගියහ.

සංවර්ධිත කණ්ඩායම් දොළහක් අතර පැවති තරගයේ ජයග්‍රහණය දිනූ ආදි වෙස්ලි කණ්ඩායම ලකුණු 21 – 7 ක් ලෙස පානදුර රග්ර් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.
නිපොන් මෙම තරගාවලිය ද අනුග්‍රාහකත්වයෙන් වර්ණවත් කරන්නට ඉදිරිපත් වී සිටි අතර පකිස්තානු තානාපති කාර්යාලය ද මෙම තරගාවලියට ආදරය අනුගුහය ලබා දීමට ඉදිරිපත් වී තිබිණ.
පහත දැක්වෙන්නේ තරගාවලියේ අවස්ථා කිහිපයක් දැක්වෙන ඡායාරූප කිහිපයකි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...