ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා හදිසියේ ඇණ හිටියි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින් අද(19)දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡා අවලංගු කර තිබේ.

ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල ප්‍රකාශයට අනුව, සාකච්ජා සඳහා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ස්විට්සර්ලන්තයට සැලසුම් කළ සංචාරය අවලංගු කිරීම මේ සඳහා බලපා තිබේ.

ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමක් රටවල් දෙක අත්සන් කර එක්සත් ජනපදය ඉරානයට එල්ල කළ නාවික අවහිරය ඉවත් කිරීමෙන් දිනකට පසුව මෙම තත්වය උද්ගතව තිබේ.

ලෙබනනයේ සටන් අවසන් විය යුතු බව ද ගිවිසුමේ සඳහන් වුවද, අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් දකුණේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු එක රැයකින් මිය ගොස් ඇති අතර ලෙබනනයේ පවතින අස්ථාවරත්වය සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් වැනි කලාපීය තත්ත්වයන් ද මෙම තීරණයට දැඩි ලෙස බලපා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...