එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යධුරයේ වෙනසක්?

ඉසුරු පරාක්‍රම

ජූනි 19, ලෝකය (LNW): 2026 ජූනි 18 වන දින එක්සත් රාජධානියේ පැවැති මේකර්ෆීල්ඩ් (Makerfield) අතුරු-මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය දේශපාලනයේ “උතුරේ රජු” (King of the North) ලෙස හැඳින්වෙන ග්‍රේටර් මැන්චෙස්ටර් හි නගරාධිපති ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ඇත. 

මෙම ජයග්‍රහණයත් සමඟ ඔහුට පාර්ලිමේන්තු අසුනක් හිමිවන අතර, එය වත්මන් කම්කරු පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර්ට (Keir Starmer) එරෙහි ව පක්ෂ නායකත්වය සඳහා තරඟ කිරීමට සහ එක්සත් රාජධානියේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වීමට ඔහුට මඟ පාදනු ඇත.

උතුරු එංගලන්තයේ මේකර්ෆීල්ඩ් හි පැවැති මෙම මැතිවරණය, දශක හයකට වැඩි කාලයක් තුළ බ්‍රිතාන්‍ය දේශපාලනයේ සිදුවූ වඩාත්ම තීරණාත්මක අතුරු-මැතිවරණය ලෙස සැලකේ. ජූනි 19 වන දින ප්‍රකාශයට පත් කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල මෙසේය:

  • ජයග්‍රාහකයා: ඇන්ඩි බර්න්හැම් (කම්කරු පක්ෂය)
  • ලබාගත් ඡන්ද සංඛ්‍යාව: ඡන්ද 24,927 ක් (මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 55 ක් පමණ)
  • දෙවන ස්ථානය: රොබ් කෙන්යොන් (රිෆෝම් යූකේ පක්ෂය)
  • ඡන්ද පරතරය: 9,000 කට අධික බහුතර ඡන්ද
ඇන්ඩ් බර්න්හැම් (AP Photo/Jon Super)

මෙම ප්‍රතිඵලය මඟින් දක්ෂිණාංශික, සංක්‍රමණ විරෝධී මතවාදයක් දරන “රිෆෝම් යූකේ” (Reform UK) පක්ෂයේ අපේක්ෂකයා පරාජය කරමින් එම අසුන නැවතත් කම්කරු පක්ෂය සතුකර ගැනීමට බර්න්හැම් සමත්ව ඇත.

ඇන්ඩිගේ දේශපාලන පසුබිම

56 හැවිරිදි ඇන්ඩි බර්න්හැම් කම්කරු පක්ෂය තුළ වඩාත්ම ජනප්‍රිය සහ ප්‍රසාදය දිනාගත් දේශපාලනඥයා වේ. ඔහු මීට පෙර අවස්ථා දෙකකදී කම්කරු පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට අසාර්ථක උත්සාහයන් දරා ඇති අතර, 2015 වර්ෂයේ පැවැති කම්කරු පක්ෂ නායකත්ව තරඟයේදී ජෙරමි කෝබින්ට (Jeremy Corbyn) දෙවැනි වෙමින් ඔහු පෙරමුණේ පසුවිය.

කාලයක සිට ඔහු පක්ෂය තුළ කියර් ස්ටාමර්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙස කැපී පෙනුණි.

කියර් ස්ටාමර්ගේ නායකත්වයට එල්ල වන බලපෑම

ඇන්ඩි බර්න්හැම් ලබාගත් මෙම විශාල ජයග්‍රහණය අග්‍රාමාත්‍ය ස්ටාමර්ගේ නායකත්වයට එල්ල වූ දරුණු පහරකි. දැනටමත් බ්‍රිතාන්‍ය නායකයකු ලැබූ දුර්වල ම ජනප්‍රියතා ශ්‍රේණිගත කිරීම්වලින් (Popularity Ratings) පීඩා විඳින ස්ටාමර් අරඹයා මෙමඟින් ප්‍රධාන ප්‍රතිඵල දෙකක් නිර්මාණය විය හැකිය. එනම්;

  1. අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීම; හෝ
  2. ස්ටාමර්, බර්න්හැම් සහ හිටපු සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් (Wes Streeting) අතර දරුණු කම්කරු පක්ෂ නායකත්ව සටනක් නිර්මාණය වීම.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය ස්ටාමර් ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිසේත්ම නායකත්ව තරඟයකින් “පසුබැස නොයන” බවයි.

නායකත්ව අභියෝගයකට අවශ්‍ය සුදුසුකම් සහ කාලරාමුව

කියර් ස්ටාමර්ට එරෙහි ව නිල වශයෙන් නායකත්ව අභියෝගයක් එල්ල කිරීම සඳහා ඇන්ඩි බර්න්හැම් විසින් කම්කරු පක්ෂයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80 දෙනෙකුගේ සහයෝගය ලබාගත යුතු වේ. ඔහු මේකර්ෆීල්ඩ් අසුන ජයග්‍රහණය කිරීම මෙම මෙහෙයුම දියත් කිරීමට අවශ්‍ය පදනම සපයා දී ඇත.

ඉදිරි දේශපාලන කාලරාමුව මෙසේ අපේක්ෂා කෙරේ:

  • නායකත්ව අභියෝගය ප්‍රකාශයට පත් කිරීම: මන්ත්‍රීවරුන් 80 දෙනාගේ සහය ලබාගත් වහාම මෙය සිදුවිය හැකි ය.
  • කම්කරු පක්ෂ වාර්ෂික සමුළුව: 2026 සැප්තැම්බර් මාසයේ දී පැවැත්වේ.
  • අවසාන තීරණය: බර්න්හැම්ගේ ආධාරකරුවන් විශ්වාස කරන්නේ 2026 සැප්තැම්බර් සමුළුව වන විට ස්ටාමර් වෙනුවට බර්න්හැම් පක්ෂ නායකත්වයට පත්වනු ඇති බවයි.

ඓතිහාසික සන්දර්භය සහ අනාගතය

යම් හෙයකින් ඇන්ඩි බර්න්හැම් මෙම සටන ජයගෙන අග්‍රාමාත්‍යධුරයට පත්වූවහොත්, ඔහු 2016 බ්‍රෙක්සිට් (Brexit) හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ට අදාළ ජනමත විචාරණයෙන් පසු බ්‍රිතාන්‍යයේ පත්වන හත්වන අග්‍රාමාත්‍යවරයා බවට පත්වනු ඇත. 

මෙය බ්‍රෙක්සිට් පසුකාලීන බ්‍රිතාන්‍ය දේශපාලනයේ පවතින දැඩි අස්ථාවරත්වය සහ දේශපාලන පෙරළීන් නැවත වරක් තහවුරු කරන්නකි.

ඇන්ඩි බර්න්හැම්ගේ මෙම ජයග්‍රහණය බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්වන අතර, අග්‍රාමාත්‍ය ස්ටාමර් සටන අත්හැරීමට අකමැති වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ එක්සත් රාජධානියේ දේශපාලන ක්ෂේත්‍රය දැඩි සලිත වීම්වලට ලක්වනු නිසැකය.

බර්න්හැම් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය හා කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් සමඟ

ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...