සටහන – රුවන් නෙළුගොල්ල
ජනතාව පීඩාවට පත්කිරීමට වත්මන් රජයට කිසිසේත්ම අවශ්‍ය නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
“අපිට අවශ්‍ය නෑ ජනතාව පීඩාවට පත්කරන්න. අපි දැක්කා එහෙම ආණ්ඩු තිබුණා. ඒ කියන්නෙ අපේ රටේ යුද්ධයකුත් නැති කාලෙක, වෙන ලෝකෙ ප්‍රශ්නයකුත් නැති කාලෙක අපි දැක්කා සති දෙකතුන ආපු තෙල් නැව කොලොන්නාවට සපුගස්කන්දට බාගන්න බැරුව ඩැමරේජ්ස් ගෙවමින් තියාගෙන හිටියා ඒ ආකාරයට. ඉතිහාසයේ තිබුණේ ජනතාව සහන නැතිව උත්තර නැතිව මහපාරවල්වල මැරී වැටෙද්දීත් හිටපු පාලකයෝ ජනතා මුදල්වලින් සැප වින්ද, ආතල් ගත්ත, රට සවාරි ගිය යුගයක්”
චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


