ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.
සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් වන අතර විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේෂ්ව ඉහළගොස් තිබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.
ඒ අනුව මෙවර 70.1%ක් විද්‍යාව සමත්ව තිබේ. පසුගිය වසරේ එය 69.07%ක් ලෙස පැවතුණි.
එමෙන්ම ගණිතය විෂය මෙවර 72.03%ක් සමත් වී ඇති අතර පසුගිය වසරේ එය 71.06%ක මට්ටමක පැවතුණි.
ජුනි 25 ජුලි 8 දා දක්වා ප්‍රථිඵල නැවත සමීක්ෂණය සදහා අවස්ථාව ලබා දෙන අතර කුසලතා ලබා ගත් සිසුන්ගේ නාම ලේඛන නිකුත් නොකරන බවයි ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.ප්‍රථිඵල සහතික ලබාගැනීමට සඳහා විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය නොවන අතර එම පහසුව නිල වෙබ් අඩවිය හරහා.මාර්ගගත ආකාරයෙන් ලබා දී තිබේ.
අනන්‍යතා ප්‍රත්‍රය නොගෙනයාම ඇතුලු නීති රීති උල්ලංඝනය කිරීම නිසා ප්‍රථිඵල අත්හිටුවීම් 314 ක් තිබෙන අතර තවත් පිරිසකගේ විභාග වංචා හේතුවෙන් ප්‍රථිඵල අත්හිටුවීම් කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය තවදුරටත් සඳහන් කළාය.
විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. කොමසාරිස් ජනරාල්වරිය මේ බව පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.


