පාකිස්ථානයේ පාලිත කාශ්මීර කලාපය තාවකාලිකව වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශය වසා දමා තිබේ.

අවාමි ක්‍රියාකාරී කමිටුවේ (JAAC) ආධාරකරුවන් සහ පළාත් පාලන ආයතන අතර සති දෙකක් පුරා පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමත් සමඟ පාකිස්ථාන පරිපාලනය මෙම තීරණය ගෙන ඇත.

කලාපයේ ආසන 45 කින් යුත් ව්‍යවස්ථාදායක සභාව සඳහා ජූලි 27 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණයේදී සරණාගතයින් සඳහා ආසන 12 ක් වෙන් කිරීම මෙම ගැටුමට හේතු වී ඇති අතර JAAC ආධාරකරුවන් දහස් ගණනක් දැන් කලාපීය අගනුවර වන මුසෆරාබාද් සිට කිලෝමීටර් 100ක් (සැතපුම් 62ක්) පමණ දකුණින් පිහිටි රාවලකොට් නගරයෙන් පිටත කඳවුරු බැඳගෙන සිටින අතර රජය ප්‍රධාන මාර්ග වසා දැමීම, හේතුවෙන් මේවන විට දෛනික ජීවිතය ඇණහිට ඇත.

පකිස්ථාන රජය අන්තර්ජාලය අවහිර කිරීම සහ කාශ්මීරයේ බොහෝ ප්‍රදේශවලට මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම ATM යන්ත්‍ර, ඉන්ධන පිරවුම්හල් වසා දැමීම මගින් විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...